24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentතවත් බස් රථ අනතුරක් - 22ක් රෝහලට

තවත් බස් රථ අනතුරක් – 22ක් රෝහලට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද (06) අලුයම 5ට පමණ රිය අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 04 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී තිබේ.