32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල් දඟයා, විසේ කුරුට්ටා, මැණික් කැටේ පොලීසිය හමුවට

නිල් දඟයා, විසේ කුරුට්ටා, මැණික් කැටේ පොලීසිය හමුවට

අන්තරායකාරී ලෙසට මාර්ගයේ ගමන් කිරීම සහ අමතර උපාංග සවි කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට පොලිසිය කළ නියෝගය මග හැර සිටි බස් රථ කිහිපයක් අද පොලිස් මූලස්ථානයේ රථ වාහන අංශය වෙත පැමිණ තිබෙනවා.

අන්තරායකාරී ලෙස මාර්ගයේ ගමන් කිරීම මෙන්ම අනවසර උපාංග සහ විදුලි බුබුළු සවි කිරීම හමුවේ අනතුරු සිදුවිය හැකි බවට චෝදනා එල්ල වූ බස් රථ 58ක් පසුගියදා කොළඹට කැඳවා තිබුණා.

එම කැඳවීම මත නොපැමිණි බස් 25කට යළිත් කැඳවුම් නියෝග නිකුත් කෙරුණු අතර ඒ අනුව අදාළ බස් පොලිස් රථ වාහන මූලස්ථානය වෙත වාර්තා කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී, මැණික් කැටේ, පුලතිසි රැජින, සඳ රංගනා වැනි නම්වලින් හඳුන්වා ඇති මෙම බස් රථ විවිධ උපාංග යොදා වෙනස් කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

පොලිසියේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසු මෙම බස් රථ සඳහා දැඩි කොන්දේසි පනවනු ලැබුවා. බස් රථවල භාහිරින් සිදු කර ඇති වෙනස්කම් ඉවත් කර නැවත පොලිසිය වෙත පැමිණ පෙන්වන ලෙසට නියෝග කෙරුණු අතර එතෙක් ඔවුන්ගේ මගී ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමටයි පොලිසිය කටයුතු කළේ.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, අධ්‍යක්ෂක රථවාහන හා මාර්ග ආරක්ෂාව මනෝජ් රණගල ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.