28.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්ථානයට විශිෂ්ඨ ජයක්

පාකිස්ථානයට විශිෂ්ඨ ජයක්

අද (06) පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය වන පාකිස්ථානය හා නෙදර්ලන්තය අතර තරගය නෙදර්ලන්තය ලකුණු 81 කින් පරාජය කරමින් ජය ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත් වූ අතර,ඔවුන් විසින් පළමුව පන්දුවට පහර දීමට පාකිස්ථානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 287ක ඉලක්කයක් හමා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 41ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 205ක් පමණයි.