24 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙක් අතුරුදන්

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙක් අතුරුදන්

අනුරාධපුරයේ පදිංචි යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙකු අතුරුදහන්ව ඇති බවට ඔහුගේ දෙමව්පියන් ඊයේ (05) යාපනය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකතනය දින කීපයක සිට අක්‍රිය වී තිබීම නිසා සිසුවාගේ දෙමව්පියන් යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ ඔහු ගැන සොයා බලද්දී ඔහු ගැන කිසිම තොරතුරක් නොමති නිසා ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් මෙසේ පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් නේවාසිකාගාරයක සිට ඇති සිසුවාට සිදු වූයේ කුමක්ද යන්න නොදන්නා බවයි ඔහු සමග සිටි මිතුරන් පැවසූ බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.