26 C
Colombo
Friday, October 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන අලි ගැටුමකින් එක් අලියෙකුට බරපතල තුවාල

වන අලි ගැටුමකින් එක් අලියෙකුට බරපතල තුවාල

අනුරාධපුරය, පුංචිකුලම ප්‍රදේශයේදී වන අලි දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් වන අලියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම වන අලි ගැටුම සම්බන්ධයෙන් ජනතාව අනුරාධපුර වනජීවි දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු ඊයේ පෙරවරුවේ වනජීවි නිලධාරීන් පිරිසක් මෙලෙස ගැටුනු වන අලි දෙදෙනා සොයා සෝදිසි මෙහෙයුම් අරඹා තිබෙනවා.

එහිදී පුංචිකුලම රක්ෂිතය තුළ බරපතළ තුවාල ලබා සිටි අලියෙකු ඔවුන්ට හමු වී තිබේ.

වනජීවී නිලධාරීන් පැවසුවේ ගැටුම හේතුවෙන් අලියාගේ හොඬවැල බොහෝ තුවාල ඇති බැවින් ශල්‍යකර්මයකට භාජනය කරන බවයි.