― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෙඩි වැදුණු සීතා ඇතින්නට සැත්කමක්

වෙඩි වැදුණු සීතා ඇතින්නට සැත්කමක්

මහියංගණය පුද බිමේදී වෙඩි වැදී තුවාල සිදුවූ සීතා ඇතින්න ඊයේ (05) සැත්කමකට භාජනය කර තිබේ.

එම සැත්කමේදී වෙඩි වැදී ඇති ස්ථානයේ ලෝහ කුඩු තිබී සොයාගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල පැවසීය.

වෙඩි වැදුණු ස්ථාන 7ක් බාහිරින් පෙන්නුම් කළද එක්ස් කිරණ පරීක්ෂණයේදී කිසියම් කැබලි 8ක් තිබෙන බව පෙන්නුම් කළ බවත් මෙම වාර්තාවන් අධ්‍යයනය කරමින් සිදු කළ ශල්‍යකර්මයේදී ලෝහ කැබලි හෝ පතරොම් නොතිබූ බවත් ඒ වෙනුවට ලෝහ කුඩු එක ස්ථානයක තිබූ බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

සීතා ඇතින්න සිහිනැති කර පැය 1 1/2ක සැත්කමක් කළ අතර එක්ස් කිරණ පරීක්ෂණයෙන් පෙන්නුම් කළ කැබැල්ලැක් වැනි දෙයක් තිබෙන ස්ථානය පරීක්ෂා කිරීමේදී සම පිච්චී ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බවත් සැත්කම සිදුකළ ස්ථානයේ විශාල තුවාලයක් සෑදී ඇති බැවින් එයට අවශ්‍ය ප්‍රතිකාර කළ බවත් මහාචාර්යවරයා පැවැසුවේය.

කෙසේ නමුත් අනෙකුත් ස්ථානයන්ගේද මෙවැනිම තත්ත්වයක් තිබිය හැකි බැවින් එවැනි ස්ථානයන් කපා ඇතින්නට වේදනා නොදීමටත් ඇතින්නට සැත්කම් කිරීම අනවශ්‍ය බව හැඟීගියෙන් මේ වන විට ඇතින්නට කරනු ලබන සැත්කම් එකකට පමණක් සීමා කළ බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

මේ වනවිට සීතා ඇතින්න සිහිය ලබා සාමාන්‍ය පරිදි සිටින බවත් ආහාරපාන වෙනදා මෙන් ලබා ගැනීමේ වෙනසක් නොමැති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.