― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නාමල්ගෙන් උපදෙස්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නාමල්ගෙන් උපදෙස්

විදේශ ආයෝජනයන්ට හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට බාධා වන ගැටලු හා නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අදාළ සියලු පාර්ශව සමග සම්බන්ධිකරණයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඇතුළු අදාළ සියලුම ආයතනවලින් සමන්විතව මෙම විධිමත් යාන්ත්‍රණය සකස් කරන ලෙසටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

විදේශ තානාපති කාර්යාලවල කටයුතු කරගෙන යාමේදී මතුවන ගැටලු විසඳීමට අවශ්‍ය සහය ලබාගැනීම සඳහා මෙම ආයතන ඒකාබද්ධව ගොඩ නගන ක්‍රියාකාරී කමිටුවට හැකියාව ලැබෙන බව සභාපතිවරයා අවධාරණය කළා. එමෙන්ම ආයෝජකයන් මෙරට ආයෝජනයට දක්වන කැමැත්ත හා එසේ ආයෝජනය කිරීම් ප්‍රතික්ෂේප කර ඇත්නම් ඒවාට හේතු මොනවා ද යන්න කරුණු දක්වමින් විදේශ ආයෝජනවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙසටයි කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

බ්‍රික්ස් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම පිළිබඳව අන්තර් අමාත්‍ය කමිටුවක් (Inter-Ministerial Committee) පිහිටුවීමට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ජා කෙරුණා. ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම පිළිබඳව අන්තර් අමාත්‍ය කමිටුවක් පිහිටුවීම සඳහා කාරක සභාවේ නිර්දේශය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසු එය කැබිනට් අනුමැතියට යොමු කිරීමට සුදානම් බවයි විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් සඳහන් කළේ.

මේ අතර වාණිජ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සිදුවන කාර්යයන් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ජා වුණා. එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ මානව සම්පතේ පවතින අඩු පාඩු හේතුවෙන් තම කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කරගෙන යාම සඳහා සීමාවාසිකයින් බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඔහු පෙන්වා දුන්නේ විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක හිඟය සඳහා මෙම ස්වේච්ජා සීමාවාසිකයින් සම්බන්ධ කරගනිමින් අදාළ රාජකාරිමය කටයුතු සිදු කළ හැකි බවයි.