24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරුට වැඩ වරදී

අල්ලස් ගත් කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරුට වැඩ වරදී

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හම්බන්තොට කාර්යාලයේ කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගිය වැලි කැණීම් ව්‍යාපාරය බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යැමට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙන අතර ඉන් රුපියල් ලක්ෂ 2ක් කැණීම් ඉංජිනේරුවරයා සහ තවත් රුපියල් 150,000ක් රියදුරා අල්ලස් වශයෙන් ලබා ගෙන තිබෙනවා.

පෙරේදා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.