29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇහැළියගොඩ ද්විත්ව ඝාතනයක් – 30 හැවිරිදි පුතා අත්අඩංගුවට

ඇහැළියගොඩ ද්විත්ව ඝාතනයක් – 30 හැවිරිදි පුතා අත්අඩංගුවට

තිස් හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් පහර දී ඔහුගේ පියා සහ නැන්දා ඝාතනය කර ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසනවා.

අද (07) උදෑසන මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලීසියට වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැළියගොඩ, විජේනායක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් සහ ඔහුගේ 68 හැවිරිදි සහෝදරිය බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් අතින් පයින් පහර දී මෙම ඝාතනයන් සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සැකකරු අතින් පහරකෑමට ලක් වූ ඔහුගේ පියා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කාන්තාව රෝහල් ගතකර පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ