30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොස් කැඩීමට ගිය සැමියාට දිවි අහිමි වෙයි

කොස් කැඩීමට ගිය සැමියාට දිවි අහිමි වෙයි

රාත්‍රී ආහාරය සඳහා කොස් ගෙඩියක් කැඩීමට ගිය අයකු කොස් ගස අසල බිම ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ තුන්අඳහේන, කොරතොට පදිංචි අවුරුදු (73) එක්දරු පියෙක්.

මොහු ඊයේ (6) සවස තුනට පමණ සිය බිරියද සමඟ වත්ත පහළ ඇති කොස් ගසකින් ගෙඩියක් කැඩීමට ගොස් තිබෙනවා.

බිරිය කොස් ගෙඩිය කැඩීමේදී එය ඇයගේ ඇඟට වැටෙතැයි කලබලයෙන් ඇය ඉවත් කිරීමට යෑමේදී එක් වරම සැමියා බිම ඇදවැටී අතර කොස් ගෙඩිය ආසන්නයේ තිබූ වතුර ටැංකිය අසලට වැටී ඇති අතර, බිම ඇදවැටුණු තැනැත්තා ඔරුවල රෝහලට ඇතුළලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.