26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබරපතල තත්ත්වයෙන් රෝහල් ගතකළ බිළිඳිය රැගෙන හෙද මව රෝහලෙන් පැන ගිහින්

බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකළ බිළිඳිය රැගෙන හෙද මව රෝහලෙන් පැන ගිහින්

ණ්ඩාරවෙල, කිණිගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින කාන්තාවක් විසින් ඊයේ (06) දින සිය වයස මාස දෙකහමාරක කුඩා දියණිය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, දියණියට අතක අමාරුවක් ඇති බව පවසමින්.

පසුව දැරිය පරීක්ෂාකර ඇති වෛද්‍යවරුන්ට ඇයගේ වම් අතේ උරහිස කොටස දැඩි ලෙස හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඊට අමතරව දැරියගේ උකුල් ඇටවලට දැඩි හානි සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

එය ස්වභාවික ලෙස සිදුවිය නොහැකි හානි බැවින් ඒ අධිකරණ වෛද්‍යවරයා විසින් මව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා රෝහලට ඇතුළත් කර සිටි කුඩා දියණිය ද රැගෙන රෝහලින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් රෝහල විසින් බණ්ඩාරවෙල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැරිය ඒ වනවිටත් බරපතළ තත්ත්වයෙන් සිටි බවයි.

අදාළ කාන්තාව උතුරු කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක සේවය කරන හෙදියක් බවයි වාර්තා වන්නේ.