28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිය අනතුරු 1,638කින් 1,733ක් මිය ගිහින්

රිය අනතුරු 1,638කින් 1,733ක් මිය ගිහින්

මෙම වසරේ පසුගිය ඔක්තෝම්බර් 05 වනදා වන විට මාරක රිය අනතුරු 1,638ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඉන් පුද්ගලයින් 1,733ක් මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අමතරව එම කාලය තුළ බරපතල අනතුරු 4,308ක් සහ සුළු අනතුරු 6,961ක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සිදුව ඇති මාරක රිය අනතුරු 1,638න් 684ක්ම යතුරුපැදි සම්බන්ධ අනතුරු බවයි වාර්තා වන්නේ.

ඉන් යතුරුපැදිකරුවන් 543 දෙනෙක් සහ පසුපැදිකරුවන් 163 දෙනෙක් මියගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.