― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවන අලි පහරදීමෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

වන අලි පහරදීමෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ දෙකකදී වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොළොන්නරුව බැඳිවැව සහ තණමල්විල ගල්කොටුකන්ද ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

පොළොන්නරුව බැඳිවැව ධීවර ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක තරුණයෙකු අද උදෑසන 5.30ට පමණ වන අලියකු කළ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු අද උදෑසන තම ගෙවත්තේ සිටියදී මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ. මියගිය තරුණයාගේ දේහය පොළොන්නරුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ නිරන්තරයෙන්ම ගම්මානවලට පැමිණෙන වන අලි හේතුවෙන් තමන් වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්වී සිටින බවයි.

ගම්මානය වටා ඉදිකර ඇති විදුලි වැට නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් මෙලෙස ගම්මානවලට වන අලි කඩා වදින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර තණමල්විල සීමාපහුව ආරාණ්‍ය සේනාසනය මාර්ගයේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශය ආසන්නයේ ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයකු ද වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේ දිම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මියගොස් ඇත්තේ සූරියආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක් වන පුද්ගලයෙක්.

මෙම ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර මෙම ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.