― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප...

සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි – ජනපති 

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳින්නට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, අගම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදුවු බව සිහිපත් කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන් කර අද රට වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (07) පැවති උත්සවයට එක්වෙමිනි.

විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

විද්‍යාලයේ සිසුන් විසින් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් ද ගායනා කිරීම විශේෂත්වයක් විය.

ඒ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජාතික ගීයෙන් ප්‍රකාශ වන්නේ අප සියලු දෙනා එක මවකගේ දරුවෝ බවත්, එබැවින් එය සිංහල භාෂාවෙන් ගායනා කළත් දමිළ භාෂාවෙන් ගායනා කළත් ගැටලුවක් නොවන අතර අද අවශ්‍යව ඇත්තේ සියලු දෙනා එකට එක්ව එකම ජාතියක් ලෙස ඉදිරියට යාම බවයි.

බෙදී වෙන් වී එකිනෙතා හා සටන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව රටක් ලෙස පහතට ඇඳ වැටුණු බවත්, දේශපාලනික වශයෙන් ඇති බෙදීම ශ්‍රී ලංකාව ඉතා අසීරුතාවකට පත් කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රශ්න රට තුළම විසඳා ගත යුතු අතර ඒ සඳහා ජාත්‍යන්තරයට යා යුතු බව තමා විශ්වාස නොකරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරුන් ද මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ විදුහල්පති ඇන්ටන් බෙනඩික් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.