බලංගොඩ – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක බලපත්‍ර නොමැතිව මැණික් පතල් කපමින් සිටි එම විහාරස්ථානයේ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඕපනායක පොලීසිය විසින් අද (08) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.ප්‍රධාන දොරටුවට මීටර් 50ක් පමණ දුරකින් විහාරස්ථානය භූමියේ මොවුන් විසින් මෙලෙස පතල් කැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායක සභාව විසින් පොලීසිය දැනුවත් කිරීමත් සමඟයි අදාළ හිමිනම සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේත්‍රත්වරයා හමුවට ඉදිපත්කිරිමට නියමිතව තිබුණා.― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
