27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට නාය යාමේ රතු නිවේදන

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ රතු නිවේදන

වතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක ජනතාවට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ඊයේ පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදන අද පස්වරු 2 දක්වා වලංගු වන බවයි.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ සහ ඉමදුව, කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස සහ හක්මන යන ප්‍රදේශවල අවදානම් ස්ථානවල ජීවත් වන ජනතාවට සැලකිලිමත් වන ලෙසටයි.

ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.