28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාතර නිවසක ද්විත්ව ඝාතනයක්

මාතර නිවසක ද්විත්ව ඝාතනයක්

මාතර බ්‍රවුන්ස්හීල් ටෙරන්ස්, 2 වන පටුමග ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පාලටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක් වන කාන්තාවක් සහ මාතර අබේගුණවර්ධන මාවතේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්.අදාළ නිවස හිමි කාන්තාව ඊයේ උදෑසන මාතර පිහිටි සිය ව්‍යාපාරික ස්ථානයට ගොස් නැවත රාත්‍රී නිවසට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් දැක තිබෙනවා.එම නිවසේ පිටත පිහිටි නාන කාමරයේ සහ වැසිකිළියේ තිබී මළ සිරුරු හමුවී ඇති අතර අනතුරුව මේ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු අදාළ නිවසේ තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ රෙකෝඩරය ද සැකකරුවන් ගලවාගෙන ගොස් තිබෙනවා.එහෙත් යාබද නිවසක ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි මාතර පොලිසිය සඳහන් කළා.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.