― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වැළකෙන ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටි.

ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) එක්වෙමින් පැවසීය.