29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නොච්චියාගම ගාලදිවුල්වැව නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කුමාරඑළිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු වෘත්තියෙන් කිරි ගොවියකු වන අතර, රාත්‍රී කාලයට ගවගාලේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අසල පැලක රැදී සිටින බව සඳහන්.

ඊයේ (07) දින තම පැලට ආසන්නයේ පිහිටි කොහුමෝලක නවාතැනක් පිටුපසදී මෙලෙස වන අලි පහරදීමට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වන අලි පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා නොච්චියාගම රෝහලට ඇතුලත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා