26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංක 02ක්

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංක 02ක්

මේ වන විට ඊශ්‍රායාලයේ පවතන යුධමය ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට රැඳී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව +94716640560 අංකයට වට්සැප් මඟින් හෝ 1989 ක්ෂණික දුරකථන අංකය හරහා අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මේ වනවිට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් 90%ක් දෙනාම සාත්තු සේවාවල නිරත වනවා.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලාංකිකයෙන්ගේ තත්ත්වය පිළිබඳ විමසීම් කර තිබෙනවා.

එමෙන්ම මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.