26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඌරන් දඩයම් කිරීමට විදුලි රැහැනක් දැමූ පුද්ගලයෙකු එම රැහැනේ පැටලී මියයයි

ඌරන් දඩයම් කිරීමට විදුලි රැහැනක් දැමූ පුද්ගලයෙකු එම රැහැනේ පැටලී මියයයි

වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09) උදෑසන මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය පොලිස් වසමේ පදිංචි කාරියවසම් මානආරච්චිගේ විදුරංග ගයාෂාන් (31) යන පුද්ගලයෙක්.

මෙම තැනැත්තාගේ දෙමාපියන්ට අයත් නිවසට මිටර් 150 ක් පමණ එපිටින් ඇති කුඹුරු ඉඩමේ ඔහු විසින්ම වල් ඌරන් දඩයම් කිරීමට අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර අද එම විදුලි රැහැන් ඉවත් කිරිමට ගිය අවස්ථාවේ දි එම කම්බියේම පෑගි විදුලි සැර වැදීම නිසා ඥාතීන් විසින් බදුරලිය රෝහලට රැගෙන ඒමේ දී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෘත දේහය බදුරලිය රෝහලේ තබා ඇති අතර බදුරලිය පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වයි .