28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජලය පිටාර මට්ටමට

කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජලය පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය සමග කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ළඟා වෙමින් ඇති බව වාර්තා වෙයි.

පවතින වැසි හේතුවෙන් අද (09) උදෑසන වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 9යි අඟල් 3ක් ද, මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 10යි අඟල් 9ක් පහළින් පවතින බවයි එම ජලාශවල කාර්යභාර ඉංජිනේරුවරුවරයා සඳහන් කළේ.

මෙම ජලාශවල පවතින ජලය ජල විදුලිය නිපදවීම සඳහා ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය, කැනියන් යන ජල විදුලිබලාගාර වෙත උපරිම ලෙස බෙදා හැරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.