30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

මෙරට කලා ක්ෂේත්‍රයට මහත් දායකත්වයක් ලබාදුන් ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත විය.

ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ මෙම බ්‍රහස්පතින්දා සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකරන බවයි.

ජැක්සන් ඇන්තනීගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ඥාතීන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.