24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම නිවේදනය අද (09) රාත්‍රී 11.30 වන තෙක් වලංගු බවයි.

අදාළ නිවේදනයට අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි දන්වා සිටින්නේ.

ඒ, අනුව ජනතාවට විමසිලිමත්ව පසුවන ලෙසට දැනුම් දෙනවා. ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්.