25 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිගේ සේවා දිගුව අදින් අවසන්

පොලිස්පතිගේ සේවා දිගුව අදින් අවසන්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිත තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් නව පොලිස්පති ධුරයට කිසිවකු නම්කර නොමැතිවීම ද විශේෂත්වයක්.

මේ අතර ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දින කිහිපය තුළ රැස්වී මේ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

නව පොලිස්පති ධුරය සඳහා සුදුසුම් ලැබූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් කිහිපයක් පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

මෙරට 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන වත්මන් පොලිපති සී.ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වන දින විශ්‍රාම යාමට නියමිතව සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මුල්වරට මාස 03ක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කළ අතර, එම සේවා දිගුව අවසන් වීමෙන් පසු දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිය ක්‍රියාත්මක කළා.

ඒ අනුව පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ඔහු ලබා දී තිබූ දෙවන සේවා දිගුව අද (09) දිනයෙන් අවසන් වීමට නියමිතයි.