― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෞද්ගලික බස්රථ දුම් පරීක්ෂාවෙන් ඉවතට

පෞද්ගලික බස්රථ දුම් පරීක්ෂාවෙන් ඉවතට

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසයි.

දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

හෙතෙම මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

බරපතළ අර්බුදයක් තියෙනවා, මේ දුම් පරීක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඒ් නිසා අපි සංගමයක් විදිය‌ට තීරණයක් අරන් තියෙනවා. මේ දුම් පරීක්ෂාව ජනවාරී මාසයේ සිට අපි අත්අරින්න කටයුතු කරනවා. මොකද දුම් පරීක්ෂාව කියන එක ප්‍රායෝගික නෑ. විශේෂයෙන් අපි දිගින් දිගටම කිව්වා, එකක් තියෙනවා ඉන්ධනවල ප්‍රමිතිය, ඩීසල්වල ප්‍රමිතිය බරපතළ අර්බුදයක තියෙන්නේ. ලොකුවට කතාබහ කරනවා මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ, පරිසරය සුරක්ෂිත කරන්න ඕනේ කියලා. මේ ලබාදෙන ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳවත් බරපතළ ගැටලුවක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ලංගමට දුම් පරීක්සාවක් නෑ. රජයේ වාහනවලට දුම් පරීක්ෂාව නෑ. එතකොට පෞද්ගලික බස් රථත් එකම ගාස්තුවට ධාවනය කරන්නේ, එකම සේවය කරන්නේ. නීතිය දෙයාකාරයකින් සලකන්න කාටවත් හැකියාවක් නෑ. ඒ් නිසා අපි එළැඹෙන සතියේ ලිඛිත දැනුම්දීමක් කරනවා ප්‍රවාහන අමාත්‍යාංශයට අපි ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් අපේ බස් රථ ඉවත් කරන්න කටයුතු කරන්න.”