26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත් ටොෆී 5000ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

මත් ටොෆී 5000ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් ලොසින්ජර් ආකාරයෙන් තනන ලද මත් ටොෆී අලෙවි කළ තරුණයෙකු මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදාවේ විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මතයි ඊයේ (08) මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු ලැගුම් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මත් ලොසින්ජර් 5000කට අධික ප්‍රමාණයක් තිබී හමුවී ඇති අතර මත්වීමට උපයෝගී කර ගන්නා සිරප් මිලිග්‍රෑම් 34ක් සහ කොකේන් ගුලි 486ක්ද මොහුගේ කාමරය තුළ තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තැනැත්තා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.