27.8 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමින්පසු මගේ බැනර්, කටවුට් එපා – ජනපති

මින්පසු මගේ බැනර්, කටවුට් එපා – ජනපති

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (08) පෙරවරුවේ මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බවත් තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බවත් ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළා.

මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල බැනරය ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව දැනුවත් කළ බවත් වාර්තා වෙනවා.