26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද

මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතය.

මේ සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඇති කරගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීමට මෙම සමුළුව අවස්ථාවක් කරගන්නා බවයි.

එමඟින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 වසරේ දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.