31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලීක්ස් ගොවීන් කබලෙන් ලිපට වැටෙයි

ලීක්ස් ගොවීන් කබලෙන් ලිපට වැටෙයි

ලීක්ස් මිල පහත වැටීම නිසා වැලිමඩ ලීක්ස් ගොවීන් කබලෙන් ලිපට වැටී තිබේ.

ගොවීන් මැසිවිලි නගන්නේ මේ වනවිට ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 40 ක් දක්වා පහත වැටී ඇති බවයි.

වැලිමඩ සිල්මියාපුර, පාදිනාවෙල, බොරගස්, රේන්දපොල ආදී ප්‍රදේශවල බහුලවම ලීක්ස් වගාව සිදු කරන අතර ගොවින් කියා සිටින්නේ නිෂ්පාදන වියදම් ඉහල ගොස් ඇති නිසා රුපියල් 40 ක වැනි අඩු මිලකට ලීක්ස් අලෙවි කිරීම තමන්ට නිෂ්පාදන වියදමද පියවා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

තමන් මෙලෙස අඩු මිලට ලීක්ස් අලෙවි කළද වෙළදපොලේ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 350 ක් 400 ක් දක්වා අතර පවතින බවත් අතරමැදියන් විසින් ඉන් විශාල ලාභයක් ලබන බවයි ගොවීන් මැසිවිලි නගන්නේ.