― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොව හොඳම විද්‍යාඥයින්ගේ ලැයිස්තුවට මෙරටින් 35ක්

ලොව හොඳම විද්‍යාඥයින්ගේ ලැයිස්තුවට මෙරටින් 35ක්

2023 වසරේ ලොව හොඳම විද්‍යාඥයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක් ඇතුළත්ව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසින් මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන අතර එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළි දක්වනු ලැබීය.

ඒ අනුව මෙම ලැයිස්තුවට තේරී පත්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රනිල් ජයවර්ධන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ ජනක ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේෂානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සමන් සේනවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනානායක ඒ.එම් කුලරත්න, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්.ඒ.කේ.එල් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසංක සංජීව, රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන, යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සතිපරන්, මුණසිංහ සංවර්ධන ආයතනයේ මොහාන් මුණසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඩී සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ රාජන් රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ,කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙරාන් කේෂව එදිරිවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කමනි මෙන්ඩිස් , කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේෂ් දර්ශක ජයසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ධනුෂ්ක උදයංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාල් සුරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කසුන් තාඹුගල, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්.ආර් ඩබ්ලිව් ධර්මරත්න, රජරට විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ අසිත ද සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සුරේෂ් බෙන්ජමින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද යන විද්‍යාඥයින් 35 දෙනායි.

මහාචාර්ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මෙම ලැයිස්තුවට අඛණ්ඩව ඇතුළත් වන්නේ තුන්වැනි වතාවට වීම විශේෂත්වයකි.