25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවාහන ආනයනයට සීමා පැනවීම රේගුවේ ඉලක්කයට අභියෝගයක්

වාහන ආනයනයට සීමා පැනවීම රේගුවේ ඉලක්කයට අභියෝගයක්

රේගුව විසින් ලබන බදු ආදායමෙන් 25 %ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේ දී විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම වසරේ රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම වසරේ දී ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 1220 ක් බවත්, ආර්ථිකය සාමාන්‍ය පරිදි පැවති ආසන්නම වර්ෂය වූ 2018 වසරේදී රේගුවේ ආදායම ලෙස උපයා ඇත්තේ රුපියල් බිලියන 918ක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රේගුවේ ප්‍රධානම ආදායම් මාර්ගය වූ භාණ්ඩ ආනයනය නවතා මෙලෙස රුපියල් බිලියන 1220ක ඉලක්ක ගත ආදායමක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.