27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිහාරාධිපතිගේ කොට්ටය යට තිබූ ලක්ෂ 11ක් අතුරුදන්

විහාරාධිපතිගේ කොට්ටය යට තිබූ ලක්ෂ 11ක් අතුරුදන්

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කළුතර පොලීසිය පවසනවා.

අදාළ හිමිනම විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

විහාරාධිපති හිමියන් වැඩවසන කුටියේ සැතපෙන ඇදෙහි කොට්ටය යට තිබූ රුපියල් දසලක්ෂ අනූහත් දහස් පන්සීයක මුදලක් මෙලෙස සොරකම් කර ඇති බවටයි පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

අදාළ හිමිනම පොලීසියට පවසා ඇත්තේ විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තක් සඳහා වෙන්කර තිබූ මුදල් මෙලෙස සොරකම් කර ඇති බවයි. කළුතර කොට්ඨාස ඇඟිලි සටහන් පරීක්ෂණ නිළධාරීන් ද විමර්ශන කටයුතු සඳහා එක්ව වාර්තාකරු පැවසුවා.