28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන් 2100ක් ළඟදීම වෛද්‍ය සේවයට

වෛද්‍යවරුන් 2100ක් ළඟදීම වෛද්‍ය සේවයට

වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුන් 1600ක් මේ මස අවසන් වන විට විශ්වවිද්‍යාලවලින් පිටව යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසීය.

හෙතෙම මේ සඳහන් කළේ කුණ්ඩසාලේ පැවති උත්සවයකට එක්වෙමිනි.

වෛද්‍යවරුන් 660 දෙනෙකු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇති බවත්, ඉන් අවම වශයෙන් 500ක් පමණ මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව වෛද්‍යවරුන් 2100ක් ළඟදීම ශ්‍රී ලංකා වෛද්‍ය සේවයට එක්වනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.