ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පවතින ආරක්ෂක නීතිය සංශෝධනය කළ යුතු බවට ඉල්ලමින් මඩකලපුවේදී විරෝධතා රැළියක් පැවැත්වුණා.
අද (09) මඩකලපුව දිස්ත්‍රික් කාන්තා ජාලය සංවිධානය කළ උද්ඝෝෂණයට කාන්තාවන් සිය ගණනක් සහභාගි වූහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට යුක්තිය ඉටු කරන ලෙසත්, සියලු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවීම සහතික කරන ලෙසත්, මාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය සහ තොරතුරු දැනගැනීමේ ප්රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් බවත් පවසමින් මෙම විරෝධතාවය සිදු කෙරුණා.