30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර විෂ වී බණ්ඩාරවෙල පාසල් සිසුන් 30ක් රෝහලට

ආහාර විෂ වී බණ්ඩාරවෙල පාසල් සිසුන් 30ක් රෝහලට

ආහාර විෂවීමක් හේතුවෙන් පාසැල් සිසුන් 30කට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ බණ්ඩාරවෙල දූල්ගොල්ල අශෝක විද්‍යාලයේයි.

පාසල ආරම්භ වීමෙන් අනතුරු ව දරුවන් 30 දෙනෙකුට අධික ප්‍රමාණයකට ශරීරයේ අසාත්මිකතා හටගෙන තිබෙනවා. මීට හේතුව ලෙස රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ ආහාර විෂවීමක් විය හැකි බවයි.

හදිසියේ අසනීප වූ මෙම දරුවන් ඇතුළත් කර ඇත්තේ බණ්ඩාරවෙල දිසා රෝහලට බවත් වාර්තා වනවා. කිසිදු දරුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.