25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට කඩුළු 8ක දැවැන්ත ජයක්

ඉන්දියාවට කඩුළු 8ක දැවැන්ත ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග අද පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

දිල්ලිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 272ක් ලබා ගත්තා.

නායක Hashmatullah Shahidi ලකුණු 80යි. Azmatullah Omarzai ලකුණු 62ක් රැස් කළා. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 8ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 35ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක රෝහිත් ශර්මා ලකුණු 131ක් රැස් කළේ පන්දු 84කින්. හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් ඊට ඇතුලත්. ඉෂන් ක්‍රිෂන් 47යි. විරාත් කෝලි නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා