28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතී

ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතී

පවතින තත්ත්වය නිසා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් පිටත්කර හැරීම තාවකාලිකව නතර කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම යළි දිවයිනට පැමිණීමට කැමැත්තක් දක්වන ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.