― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ එක්සිම් බැංකුව එකඟ වෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ එක්සිම් බැංකුව එකඟ වෙයි

චීන එක්සිම් බැංකුව විසින් මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

චීන එක්සිම් බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ආර්ථික අර්බුදය ඇතිවන අවස්ථාව වනවිට අප රට ඩොලර් බිලියන 46ක පමණ මුදලක් ණය වශයෙන් විදේශයන්ට ගෙවීමට තිබූ බවත් එහිදී බහු පාර්ශවීය ණය මුදල් අප රට විසින් අඛණ්ඩවම ආපසු ගෙවීමට කටයුතු කළද ද්විපාර්ශවීය ණය ආපසු ගෙවීමට ඇති බවත් එහිදී ප්‍රධානතම ණය හිමියා වූයේ චීනය බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව චීන එක්සිම් බැංකුව විසින් ගෙන ඇති තීන්දුව අපේ රටේ ආර්ථිකයට මෙන්ම ඒ හා සම්බන්ධ සියළු කාරණා වලට ඉතාමත්ම සාධකයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.