27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තීරෝද රථ රියැදුරකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම වරාවත්ත පදිංචිව සිටි දිලිප් කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ රයිගම හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

මියගිය පුද්ගලයා අඟුරුවාතොට ප්‍රදේශයට කුලී ගමනක් ගොස් යළි රයිගම හංදිය කරා පැමිණෙමින් සිටියදී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් අඟුරුවාතොට දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලද තීරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුරින් ත්‍රිරෝද රථයටද බරපතළ අලාභ සිදු වී ඇති අතර මියගිය තීරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.