31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතීරුබදු රහිතව යතුරුපැදි ආනයනය කිරීමේ ජාවාරමක්

තීරුබදු රහිතව යතුරුපැදි ආනයනය කිරීමේ ජාවාරමක්

තීරුබදු රහිතව රහසිගතව අධිබලැති යතුරුපැදි ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු ගල්කිස්ස කොට්ඨාස අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් අධිබල යතුරුපැදි පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ ගරාජයක් පිටු පස කාමරයක සඟවා තිබියදී සොයා ගත් බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කර ඇත්තේ.

එහි තිබී ආනයනය කරන ලද යතුරුපැදි එන්ජින් සහ චැසි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයකු මෙරට ලියාපදිංචි කිරීමට තහනම් අධිබලැති යතුරුපැදි නීති විරෝධී ලෙස රහසිගතව අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුවයි එම වැටලීම සිදු කර ඇත්තේ.

එහි තිබී ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත එන්ජින් ධාරිතාව 1000 BMW වර්ගයේ අධි බලති යතුරුපැදියක් ඇතුළු අධි බලැති යතුරුපැදි 4ක්, අධි බලැති යතුරුපැදි එන්ජින් 4ක් සහ අධි බලැති යතුරුපැදි චැසි හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජය පවත්වාගෙන යන පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ විදේශගතව සිටින මිතුරකු මාර්ගයෙන් මේවා ගෙන් වූ බවයි.

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම යතුරු පැදි, එන්ජින් සහ චැසි සම්බන්ධයෙන් රේගුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.