30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපියා ජනාධිපති වූ පමණින් 'බැට්න් එක' දරුවට දෙන්න බෑ

පියා ජනාධිපති වූ පමණින් ‘බැට්න් එක’ දරුවට දෙන්න බෑ

පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට ‘බැට්න් එක’ ප්‍රදානය කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවයි.

එමෙන්ම ජනාධිපති අපේක්‍ෂයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාක්‍ෂිකයන් විසින් තීරණය කරනු ඇති බවත් ඒ අනුව ආසන බල මණ්ඩල සාකච්ඡාවලදී ඒ පිළිබඳ තීරණ ගැනීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවට ධම්මික පෙරේරා ප්‍රකාශ කිරීම තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ස්ථාවරභාවය පිළිඹිබු වන බවයි ඔහු එහිදී කියා සිටියේ.