― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාරිමාර්ග ඉංජිනේරුවරයෙක් දියේ ගිලී අතුරුදන්

වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් දියේ ගිලී අතුරුදන්

ඉගිනිමිටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කරන සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන් වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලී අතුරුදහන් වී ඇත්තේ 29 හැවිරිදි ඩී.පී. සමීර සදරුවන් ප්‍රේමසිරි නැමැති අයෙකි. ඔහු කුරුණෑගල – දෙමටගහ පැළැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් 10 වැනිදා සවස මෙම අතුරුදහන්වීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

ඉගිනිමිටිය ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරුවරයෙක් විසින් පොලීසියට දුරකතන ඇමතුමක් මගින් ලබා දී ඇති තොරතුරු අනුව නවගත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

තම කාර්යාලයේ සේවය කරන සැළසුම් ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමක් 10 වෙනිදා සවස ඉගිනිමිටිය වැව් තාවුල්ලේ අනවසරයෙන් සිදු කරන වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගිය බවත්, එම අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා මෙම සැළසුම් ශිල්පියා ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බවටත් වාරි මාර්ග ඉංජිනේරුවරයා පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ප්‍රදේශයේ ධීවරයින් විසින් අතුරුදහන් වූ සැළසුම් ශිල්පියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සිරුර සොයා ගැනීමට හැකිවී නැත. ඒ අනුව අතුරුදහන් වී ඇති සැළසුම් ශිල්පියාගේ සිරුර සොයා ගැනීම සදහා නාවුක හමුදාවේ පුත්තලම කදවුරේ කිමිදුම්කරුවන් ගෙන්වීමට කටයුතු කර ඇති බවද නවගත්තේගම පොලීසිය සඳහන් කරයි.