― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසරසවි නේවාසිකාගාර රෑට පරීක්ෂා කරන්න යයි

සරසවි නේවාසිකාගාර රෑට පරීක්ෂා කරන්න යයි

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විශ්වවිද්‍යාලවල නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවකවදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණයට එලැඹ තිබේ.

විශ්වවිද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවනු ලබන අතර මේ සඳහා ජාතික කමිටුවක්ද පත් කර ඇත.

නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වා දී ඇති අතර (076-5 453 454) එම අංකය සඳහාද පැමිණිලි ලැබීමෙන් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.