29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධිවේගී මාර්ගයේ නායයාම ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවට උපදෙසක්

අධිවේගී මාර්ගයේ නායයාම ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවට උපදෙසක්

විශේෂඥ දැනුම යොදා ගනිමින් අධිවේගී මාර්ගය ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යුද හමුදා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (12) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ නාය ගිය ස්ථානය නිරීක්ෂණයට එක් වුණා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම සංචාරයට එක්ව සිටියා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට ඊයේ රාත්‍රියේ පස් කන්දක් නාය යාමෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී එදිනෙදා ජන ජීවිතයට මහත් බාධා පමුණුවමින් විශාල ලෙස දේපළ හානි සිදුව ඇති පසුබිමකයි අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා මතුවී ඇත්තේ.

එම ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමි පියවර ගන්නා ලෙස යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්ට ද උපදෙස් ලබා දෙනු ලැබුවා.