ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව සහාය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396, වට්සැප් දුරකථන අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: [email protected] හරහා අවශ්‍ය උපකාර ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.