30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳවුරෙන් නැති වූ ගිනි අවිය නිලධාරියෙක්ගේ ගෙදරින් හමුවෙයි

කඳවුරෙන් නැති වූ ගිනි අවිය නිලධාරියෙක්ගේ ගෙදරින් හමුවෙයි

ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කඳවුරේ අවි ගබඩාවෙන් අතුරුදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ නිලධාරියෙකුගේ බටපොල නිවසේ තිබියදී හමු වී තිබේ.

සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයාගත් බවයි යුධ හමුදාව පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගිනි අවිය සොරාගෙන ඇති බවයි.