28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරියාවෙන් මෙරටට වැඩි රැකියා අවස්ථා

කොරියාවෙන් මෙරටට වැඩි රැකියා අවස්ථා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හමුව තිබෙනවා.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

කොරියාවේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය සඳහා උගත් පාඩම් සම්බන්ධව එහිදී සාකච්ජා කර ඇති අතර එම අත්දැකීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පිළිගත් ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම දකුණු කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගීතාව ලබා දෙන බවටද එහි දී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබෙනවා.