28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeArtජැක්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ජැක්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ මෙන්ම වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතය.

අවමංගල්‍යය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරු 03ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ දී ආගමික වතාවත්වලින් පසුව සිදු කෙරෙනු ඇති.

මෙම සුවිශේෂ රංගවේදියාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්, වත්මන් නායකයන් මෙන්ම වත්මන් දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන් ද එක්ව සිටියා.

ක්ෂේත්‍රයේ කලාකරුවන්, ආගමික නායකයින් සේ ම, ජැක්සන් ඇන්තනී නමැති කලාකරුවාට ආදරය කළ බොහෝ රසික පිරිසක් ද එම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වරින් වර පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

අනුරාධපුර තලාව මාර්ගයේ දී නුදුරුරේ දී තිරගත වීමට නියමිත ‘සිංහබාහු’ නාට්‍යයේ රූගත කිරීම්වලින් අනතුරුව ලැගුම්ගෙන සිටි හෝටලය වෙත සිය කැබ් රථය ධාවනය කරමින් සිටියදී, වන අලියෙකුගේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී බරපතළ තුවාල ලැබුවා.

කෙසේවෙතත් අනතුරින් දරුණු බලපෑම් එල්ල වීම හේතුවෙන් මාස 14ක කාලයක් ජැක්සන් ඇන්තනී රංගවේදියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි පසුගිය සඳුදා දිනයේ දී (09) අභාවප්‍රාප්ත වූයේ.

සිය වෘත්තීය රංගනය තුළ කලාකරුවෙකුට ලැබිය හැකි ඉහළත ම සම්මානවලින්ද පිදුම් ලැබූ මොහු, ගී පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක් සහ ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙසයි දෙස් විදෙස් තුළ ප්‍රචලිත වූයේ.

ගුරුගෙදර, අයෝමා, ලොකු දුව, සූරිය අරණ, අග්නිදාහය, මිල්ල සොයා, ප්‍රවේගය, ඇඩ්රස් නෑ සහ ධර්ම යුද්ධය ඇතුළු චිත්‍රපට බොහෝමයකට ඔහු සිය රංගනයෙන් දායක වූ අතර, ‘කන්ද උඩරට ගින්දර’ ජැක්සන් ලියූ කෘතියක්.

මෙරට ප්‍රෞඪ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙම විශිෂ්ට කලාකරුවා රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ද කලක් කටයුතු කළා.

1958 වර්ෂයේ ජුලි 08 දා රාගම උපන් මෙම විශිෂ්ට රංගධරයා අභාවප්‍රාප්ත වන විට 65 හැවිරිදි වියෙහි පසුවුණා.