― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජැක්සන්ට හුස්ම දුන් යන්ත්‍රය පවුලේ සාමාජිකයන් රෝහලට පරිත්‍යාග කරපු එකක් – සජිත...

ජැක්සන්ට හුස්ම දුන් යන්ත්‍රය පවුලේ සාමාජිකයන් රෝහලට පරිත්‍යාග කරපු එකක් – සජිත ඇන්තනි පළමු වරට හෙළි කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මෙතෙක් කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවූයේ තම පවුලේ සාමාජිකයන් එක්වී රෝහලට පරිත්‍යාග ඛරනු ලැබු වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරයෙන් බව ඔහුගේ පුත් සජිත ඇන්තනි පවසනවා.

දින 458ක් පුරා මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් තම පියා රෝහල්ගතව නොසිටි බවයි අවමංගල සභාවේ ස්තූති කතාව කරමින් සජිත ඇන්තනි කියාසිටියේ.

තම පවුලේ සාමාජිකයන් එක්ව කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කරනු ලැබූ වෙන්ටිලෝටර් යන්ත්‍රයක ආධාරයෙන් පියා හුස්ම ගනිමින් සිටි බව ඔහු සඳහන් කළා.

ප්‍රවීණ රංගන ශිල්පියාගේ පුත්‍රයා සිය ස්තූති කතාවේදී සඳහන් කළේ තවත් වසර 10ක් 15ක් ගතවන තෙක් හුස්ම හොයන මිනිසුන් එම යන්ත්‍රයේ ආධාරයෙන් ජීවත්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවයි.

මෙතෙක් තම පවුලේ පරිත්‍යාගය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකර සිටියේ පින් දහම් සිදු කර ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීමට අවශ්‍ය නොවීම හේතුවෙන් සහ තම පියා ද එවැනි කටයුතුවලට අකමැති වීම හේතුවෙන් බවයි සජිත ඇන්තනී කියාසිටියේ